Tuesday 19th of May 2026

English Tamil
Advertiesment


සිය කල්‍යාණ මිතුරා සල්ලි බව අඹන්වල ඥානාලෝක හිමියෝ පවසති 


2026-05-18 1290

 

සිය මිතුරා සල්ලි බව කොළඹ, සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරාධිපති අඹන්වල ඥානාලෝක හිමියන් "lankanewsweek" හී වෙළෙඳ කළමනාකරු සමග ඉරිදා (17) ජංගම දුරකථනය ඔස්සේ කළ සංවාදයක දී පවසා තිබේ.

බුදුන් වහන්සේ වදාළ අති උතුම් ධර්මයට අනුව නම් භික්ෂූ-භික්ෂුණී-උපාසක-උපාසිකා යන සිව්වනක් පිරිසට සිය කල්‍යාණ මිතුරායා වන්නේ බුදුන් වහන්සේ වදාළ අති උතුම් නිර්මල අසූ හාර දහසක් වූ නිර්මල ධර්මස්කන්ධය සහ ලොව්තුරු අමාමෑණී බුදු රජාණන් වහන්සේය.

ගං වතුර ඇතුළු ස්වාභාවික ආපදාවලින් මිනිසුන් අවතැන් වූ විට සිය විහාරය හරහා ඒ මිනිස්සුන්ට සෙත සැලසීමට තමාට යන්නේ රුපියල් ලක්ෂයක් නම් සිය සම්බන්ධතා හරහා තමා රුපියල් දස ලක්ෂයක් සම්මාදන් සහ පරිත්‍යාග වශයෙන් සොයා ගන්නා බව ද උන්වහන්සේ අවධාරණ කර ඇත.

"සේදවත්තේ කට කයිවාරුව-රනිල්ගේ සහ එජාපයේ ස්ථාවරය ළඟදීම" සහ "කස කාරයෝ පැමිණෙමින් සිටිති - පෙරහැර ඉතා ළඟයි" යන ශීර්ෂ යටතේ අඹන්වල ඥානාලෝක හිමියන්ගේ මෙම ක්‍රියාකලාපය බැතිමත් උපාසක-උපාසිකාවන්ට "lankanewsweek" හෙළිදරව් කිරීමට මූලික පියවර තැබුවේ සද්ධර්ම ප්‍රතිරූපිකයන් රටට-ජනතාවට හඳුන්වා දීම සඳහාය.

මේ අතර අඹන්වල ඥානාලෝක හිමියන් ප්‍රසිද්ධියේම කියා සිටින්නේ, තමා එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හාමුදුරුවන් වන අතර සමාජයේ ගිහි-පැවිදි සියලු දෙනාම තමා හඳුන් වන්නේ එලෙසින් බවය.     

Advertiesment